
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ දසවැනි විධායක ජනාධිපතිවරයා ඉක්මණින්ම එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඊයේ පැවැසීය.
“බොහෝ අය සිතන්නේ එක්සත් ජාතික පක්ෂය දුර්වල බවයි. මන්ද එයට පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් හිමි නිසා. 2020 දී පක්ෂයට පාර්ලිමේන්තුවේ තනි ආසනයක් ඉතිරි වුණා. කොහොමවුණත් පක්ෂය බලවත්. එක්සත් ජාතික පක්ෂය තවමත් බලවත්. ශ්‍රී ලංකාවේ දසවන විධායක ජනාධිපතිවරයා ඉක්මණින්ම එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවෙනවා” සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකදී එහි නව සංවිධායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් වජිර අබේවර්ධන පැවැසීය.
“මේ වසරේ දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාව දුෂ්කර තත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන්න පුළුවන්” ඔහු සඳහන් කළේය.
“වත්මන් රජය වසර 77 ක කාලයක්ගැන කතාකරනවා. හැබැයි පසුගිය වසර 77 තුළ රට පාලනය කළ අදාළ රජයන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ස්ථාවරව තබාගැනීමට සමත්වුණා.අද ලුණු පැකට් එකක් රු. 280 ක්. පොල් ගෙඩියක මිල රු. 290 ක්. හැබැයි පහුගිය අවුරුදු 77 තුළ මේ භාණ්ඩවල මිල කිසිම අවස්ථාවක මේ තරම් ඉහළ ගියේ නැහැ” ඔහු පැවැසීය.
එහිදී මිනිත්තු කිහිපයක් පමණක් කතා කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ වසර අවසන් වන විට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිත්වය දැනගත හැකි බවයි.
කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සංවිධායකවරයෙකු වන ලක්ෂ්මන් විජේමාන්න, මෙම උත්සවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැමිණීම විවේචනය කරනු දැකගත හැකිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart