
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පලස්තීනයේ ජනතාව සමඟ ‘සහයෝගීතාවය’ පෙන්වීම සඳහා නව අවුරුදු සැමරුම් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පකිස්ථාන භාරකාර රජය ඊයේ (28) දිනයේ නිවේදනය කර තිබේ.
පලස්තීනයේ බැරෑරුම් තත්ත්වය සැලකිල්ලට ගෙන, අලුත් අවුරුද්ද වෙනුවෙන් උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් රජය විසින් තහනමක් පනවා ඇති බව ජාතිය අමතමින්, අගමැති අන්වරුල් හක් කකාර් පවසා ඇත.
විවිධ ක්‍රම ඔස්සේ උත්සව නැවැත්වීමට උත්සාහ කරන පකිස්ථානපාකිස්තානයේ ඉස්ලාමීය කණ්ඩායම්වල බලපෑම මධ්‍යයේ, අලුත් අවුරුදු උත්සව පැවැත්වීම රටට අවශ්‍ය නොවන බවද හෙතෙම වැඩිදුරටත් දක්වා තිබේ.
පලස්තීනයට ආධාර සැපයීමට හා ගාසා තීරයේ සිටින තුවාලකරුවන් ඉවත් කිරීමට, ජෝර්දානය හා ඊජිප්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද පකිස්ථාන අගමැති එහිදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart