
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඩිනමින් වාහන ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පවසයි.
“අපි බලාපොරොත්තු වෙනවා හැම මන්ත්‍රීවරයකුටම වාහනයක් ලැබෙයි කියලා. මෙතෙක් මන්ත්‍රීවරුන්ට එහෙම වාහනයක් ලැබිලා නැහැ. ඇමැතිවරයකුට හරි මන්ත්‍රීවරයකුට හරි තමන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් ඕනේ වෙනවා – අපට ඒකප්‍රතික්ෂේප කරන්න බැහැ ,”යනුවෙන් ඔහු වයඹ පළාත් යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
“මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම සඳහා එකඟතාවකට ඇවිත් තියෙන්නේ. එක ඩබල් කැබ් එකක්ද වෙන එකක්ද කියලා තාම දන්නේ නැහැ. කොහොම වුණත් අලුත් වාහන ඉදිරි මාස කිහිපය තුළ ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මොකද තියෙන වාහන බොහොම නරක විදිහට අවභාවිත කරලා. පාවිච්චි කරන්න බැහැ” යනුවෙන් ද ඔහු පැවසීය.
යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ වත්මන් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ, “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී, ආයතන ප්‍රධානීන් හානියට පත්වන වාහන මෙම ස්ථානයේ නවතා තබන ලෙස උපදෙස් දුන් බවට අපට වාර්තා ලැබී තිබෙනවා” යනුවෙනි.
“මෙතන තියෙන බොහෝ වාහන වෙනත් තැන්වල තමයි අලුත්වැඩියා කරන්නේ. ඉස්සරහට සියලුම රජයේ වාහන මෙම ස්ථානයේ අලුත්වැඩියා කරන්න අපි සැලසුම් කරනවා.” යැයි ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart