
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ලෙස පත්වීමට නියමිත එරික් මේයර් සිය පත්වීම භාරගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරී (Charge d’Affaires) වික්‍රමආරච්චි හමු වී තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින බහුපාර්ශ්වික සහ දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ මෙන්ම දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ ප්‍රමුඛතාවන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය සහ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වික්‍රමආරච්චි විසින් නව තානාපතිවරයාව දැනුවත් කරන ලදී.
දේශපාලන, ආර්ථික, ආරක්ෂක, විදේශ කටයුතු සහ අධ්‍යාපනික ඇතුළු දෙරටටම වැදගත් වන ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
අදාළ කරුණු පැහැදිලි කිරීම පිළිබඳ සිය ස්තූතිය පළ කළ එරික් මේයර්, දෙරට අතර පවතින ශක්තිමත් සහකාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කිරීමට කැපවන බව තහවුරු කළේය.
මෙම හමුව සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සාරා ඇල්ඩ්‍රිච් ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු ද එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart