
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හොංකොං රාජ්‍යයේ සංචාරය කිරීමේදී සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි තායිවාන රජය සිය ජනතාවට අනතුරු අඟවා තිබේ.
ඒ, චීන රජයේ අනුබලය ලබන හොංකොං ව්‍යවස්ථාදායක සභාව එරට නව ජාතික ආරක්ෂක නීතියක් සම්මත කිරීමෙන් අනතුරුවයි.
හොංකොං රාජ්‍යයේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ නව ආඥාපනත සම්මත කිරීමෙන් පසුව, රාජද්‍රෝහීත්වය සහ කැරලි ගැසීම වැනි වැරදි සඳහා උපරිම දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් වනු ඇති.
එමෙන්ම හොංකොං රාජ්‍යය තුළ ඔත්තු බැලීමේ වරදට හසුවුවහොත් ඒ සඳහා වසර 20ක සිර දඬුවමක් හිමිවන බව සඳහන්.
එබැවින් තායිවාන වැසියන් හොංකොං වෙත ඇතුළු වීමට කැමති නම්, ඔවුන් කවදා හෝ චීනයේ දේශපාලනය හෝ ආර්ථිකය විවේචනය කරන කිසිවක් සමාජ මාධ්‍යවල පළ කර තිබේද නැතහොත් ඔවුන්ගේ ජංගම දුරකථනවලින් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කර තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තායිවාන රජය එරට ජනතාවට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart