
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ නර්සිපට්නම් සිට තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට උසස් තත්ත්වයේ ශීලවතී ප්‍රභේදයට අයත් ගංජා සැපයූ බවට චෝදනා මත පුද්ගලයන් 8 දෙනෙකු අනකපල්ලේ දිස්ත්‍රික්කයේ නාථවරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් එක අයෙක් බැංගලෝර්හි පදිංචි මෘදුකාංග ඉංජිනේරුවකු බව පැවසේ.
ආන්ද්‍රා-ඔඩිෂා දේශසීමාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා ප්‍රවාහනය කළ පළමු අවස්ථාව මෙය බව පොලිසිය පැවසීය.
විසියානගරම් දිස්ත්‍රික්කයේ සන්තකවිටි හි උපන් 28 හැවිරිදි ගඩේ රේණුකා ලෙස හඳුනාගෙන ඇති අත්අඩංගුවට ගත් කාන්තාව පයාකරෝපේටා, නර්සිපට්නම්, සලුරු සහ බැංගලෝර් හරහා ගංජා ජාවාරමේ නිරත වූ බවට වාර්තා වන අතර, එමඟින් ඇයට ‘ලේඩි ඩොන්’ යන අන්වර්ථ නාමය ලැබී ඇත.
රේණුකා සහ ඇගේ සහකරු වන සූර්ය කාලිදාස් ඔඩිෂාවෙන් ගංජා මිලදී ගෙන තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට සැපයීම සඳහා නර්සිපට්නම් හි නිවසක් කුලියට ගෙන තිබී ඇත.
ලැබුණු ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක වයි. තාරකේෂ්වර රාඕ සහ නතාවරම් උප පොලිස් පරීක්ෂකවරු සෘගවරම් ගම්මානය අසලදී කල්ලිය අත්අඩංගුවට ගෙන වියළි ගංජා කිලෝග්‍රෑම් 74ක්, මෝටර් රථයක්, බයිසිකල් දෙකක් සහ ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශනවලින් හෙළි වී ඇත්තේ රේණුකා මෙහෙයුම් පුළුල්කිරීම සඳහා බැංගලෝර් සහ කොයිම්බතූර් හි නිවාස කුලියට ගනිමින් ජාලයක් ස්ථාපිත කර ඇති බවයි.
අතරමැදියකු වන අද්දරි ප්‍රසාද්ගේ සහාය ඇතිව ඇය ඔඩීෂාවේ බාලිමේලා සහ චිත්‍රකොන්ඩා හි ගෝත්රිකයන්ගෙන් කිලෝවක් රුපියල් 5,000 බැගින් ගංජා ලබාගෙන ඇත.
රියදුරන් වන මධන් කුමාර් සහ නාග මුත්තු රාජනගරම් අධිවේගී මාර්ගයට ගංජා තොග ප්‍රවාහනය කළ අතර, එතැන් සිට ඔවුන් තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට යොමුකරන බව කියවේ.
තමිල්නාඩුව පදනම් කරගත් ජාවාරම්කරුවන් සමඟ ඇති සම්බන්ධතා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවට ගංජා තොග යැවීම සඳහා රේණුකාගේ කල්ලිය තමිල්නාඩුව පුරා කුඩා පැකට්වල ගංජා අලෙවි කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart