
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියේ ටෙස්ට් වරම් හිමි කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.
බංග්ලාදේශය සමග හයිද්‍රාබාද්හි ඊයේ පැවති තරගයේදී ඉන්දියාව මෙම දක්ෂතාව දැක්වුයේ පන්දුවාර විස්ස තුළ කඩුලු 06ට ලකුණු 297ක් රැස්කරමිනි.
මෙම ලකුණු සංඛ්‍යාව අන්තර්ජාතික T20 පිටියේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
මීට පෙර නේපාල කණ්ඩායම 2023 වසරේදි මොන්ගෝලියාවට එරෙහිව කඩුලු 03ට ලකුණු 314ක් රැස් කර එම වාර්තාවට හිමිකම් කියන ලදී.
ඉන්දීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සංජු සැම්සන් පන්දු 47කදී ලකුණු 111ක් රැස්කළ අතර ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 07කට ලකුණු 164ක් රැස් කළේය.
ඒ අනුව ඉන්දියාවට තුන්වැනි තරගයේදී ලකුණු 133ක ජයක් හිමිවිය.
බංග්ලාදේශය සමග තරග තුනකින් සමන්විත T20 තරගාවලිය තුනට බිංදුවක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart