
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙට්‍රෝ බස් ආයතනය විසින් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව මෙරටට ආනයනය කිරීමට නියමිත නව මෙට්‍රෝ බස් රථ 104 ක් ශ්‍රී ලංකාව වෙත එවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
චීනයේ සුප්‍රසිද්ධ ‘Foton International Corporation’ සමාගම විසින් මෙම බස් රථ තොගය නිෂ්පාදනය කර ඇත.
මෙරට මාර්ග පද්ධතියට සහ දේශගුණයට ගැළපෙන පරිදි මෙම බස් රථවල තාක්ෂණික තත්ත්වයන් තවදුරටත් අධ්‍යයනය කිරීම සහ ‘Foton’ සමාගමේ නිෂ්පාදන ඉතිහාසය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ නිලධාරී කණ්ඩායමක් පසුගිය 16 වැනිදා චීනය බලා පිටත්ව ගියහ.
මෙට්‍රෝ ට්රාන්ස්සිට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටිති.
චීනයේ ‘Foton International Corporation’ ආයතනය වෙත ගිය මෙම නිලධාරී කණ්ඩායමට, එහිදී චීන මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම මෙට්‍රෝ බස් සැකසුම් පද්ධතියේ සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳවද ඉතා සමීපව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබී තිබේ.
මෙම නව බස් රථ 104 මෙරට පොදු ප්‍රවාහන පද්ධතියට එක්වීමත් සමඟ මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම, ආරක්ෂිත සහ සුවපහසු මෙට්‍රෝ බස් සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart