
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සහ ඉන්දීය පුවත්පත් මණ්ඩල අතර සහයෝගිතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විෂය වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ පැවැත්වීම, දෙපාර්ශවය අතර සම්පත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජනමාධ්‍ය ආචාර ධර්ම සංවර්ධනය හා ජනමාධ්‍ය නිදහස සහ සාමකාමී ප‍්‍රවර්ධනයට අදාළ ක්‍රියාකාරකම් මගින් ජනමාධ්‍යවේදීන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට අදාළ අවබෝධතා ගිවිසුමකට 2018 දී අත්සන් කර ඇත.
ඒ අනුව දෙපාර්ශවය අතර සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දීය පුවත්පත් මණ්ඩලය අතර වසර 05ක මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබේ.
කෙසේවෙතත්, එම අවබෝධතා ගිවිසුමේ කාලය අවසන් වූ බැවින්, විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් යෝජිත ගිවිසුම් කෙටුම්පත අනුමත කරමින් තවත් වසර 05 කට නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා සහ ඉන්දීය පුවත්පත් මණ්ඩල අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ජනමාධ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart