
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සැප්තැම්බර් 12 වැනිදා එළිදැක්වීමට නියමිත ඇපල් සමාගමේ (Apple) නවතම අයිෆෝන්(iPhone) ජංගම දුරකථනයත් සමග වෙනත් වර්ගවල (උදා : සැම්සුන්ග්(Samsung)) ජංගම දුරකථන සඳහාද පොදුවේ භාවිත කළ හැකි චාජරයක් (USB-C charging port) හඳුන්වාදීමට බොහෝ දුරට ඉඩ ඇති බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරයි.
වර්තමානයේ, Apple විසින් Samsung වැනි තරඟකරුවන්ගෙන් වෙන්කර හඳුනා ගනිමින් එහි සුවිශේෂී චාජරයක්
භාවිත කරයි.
පාරිභෝගිකයන් සඳහා වන පිරිවැය අඩු කිරීම සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීම ඉලක්ක කරගත් යුරෝපීය සංගමයේ රෙගුලාසියකට අනුකූල වීමට, දුරකථන නිෂ්පාදකන සමාගම් 2024 දෙසැම්බර් වන විට ප්‍රමිතිගත පොදු චාජරයක් භාවිත කළ යුතුය.
Apple සමාගම දැනටමත් යුරෝපීය සංගමයේ රෙගුලාසි අනුගමනය කරන අතර, මෑතකදී හඳුන්වාදුන් සිය නවතම අයිපෑඩ් (iPad) මොඩලය සඳහා USB-C වර්ගයේ චාජරයක් නිකුත් කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart