
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පසුගියදා උතුරේ දෙමළ පක්ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් දෙමළ පක්ෂ ඒකාබද්ධ ස්ථාවරයක සිටිය යුතු බව පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, තම පක්ෂයට මේ සම්බන්ධයෙන් අනෙකුත් දෙමළ පක්ෂ සමඟ සන්ධානගත විය නොහැකි බව පවසා ඇත.
1987 ඉන්දු ලංකා ගිවිසුමට සමගාමීව හඳුන්වා දුන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දියාව ස්ථාවර වී තිබේ.
ඉන්දියාව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බවත්, අර්බුදකාරී කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍ය ආධාර ඇතුළුව ශ්‍රී ලංකා ආර්ථිකය දියුණු කිරීමට ඉන්දියාව ගෙන ඇති පියවර පිළිබඳවත් ඉන්දීය මහකොමසාරිස් මෙහිදී අවධාරණය කර ඇත.
කෙසේවෙතත්, තම පක්ෂය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව මේ සම්බන්ධයෙන් වෙනත් පක්ෂ සමඟ එකඟ නොවන බවත්, ඒ නිසා ඒකාබද්ධ ස්ථාවරයකට යා නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart