
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට පෙර අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගෙන තිබූ තීරණය සංශෝධනය කරමින්, සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට රජය යෝජනා කර සිටියි.
රජයේ ආරංචි මාර්ග පවසන්නේ විනිසුරුවරුන්ගේ හිඟය සහ නඩු විසඳීම ප්රමුඛ කර කරුණු සැලකිල්ලට ගනිමින්, මීට පෙර යෝජනා කළ ඉහළ අධිකරණ විනිසුරුවරුන්ට අමතරව මහේස්ත්‍රාත්, දිස්ත්‍රික් සහ මහාධිකරණ විනිසුරුවරුන්ගේ ද විශ්‍රාම වයස දීර්ඝ කිරීමට මෙලෙස යෝජනා කර ඇති බවයි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන අතර, සෙසු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අදාළ පනත් සංශෝධනය කිරීම මගින් සිදුකළ හැකි වේ.
උත්තරීතර (ඉහළ) අධිකරණ විනිසුරුවරුන් ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ආ යෝජනාවට එකඟ නොවීමට විනිසුරුවන්ගේ සේවා සංගමය ඊයේ ඒකමතිකව තීරණය කිරීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පැවැති විනිසුරුවන්ගේ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමකදී, රජයේ යෝජනාව පිළිබඳව රහස් ඡන්දයකින් සිය අදහස් ප්‍රකාශ කරන ලෙස සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටි අතර, එහිදී පැමිණ සිටි සාමාජිකයින් 65 දෙනාම මෙම යෝජනාවට අකමැත්ත පළකර තිබේ.
එහිදී සාමාජිකයින් 225 කට වැඩි පිරිසකගේ නම් කැඳවා තිබුණද රැස්වීමට පැමිණ සිටියේ සාමාජිකයින් 65 දෙනෙකු පමණි.
විනිසුරුවන්ගේ සේවා සංගමයේ මෙම රැස්වීමට දිනකට පෙර, එහි සභාපති ලෙස කටයුතු කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබිණි.
සංගමයේ ප්‍රකාශයක දැක්වෙන්නේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව, උපසභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණු බවයි.
මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමුකර තිබිණි.
(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart