
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනකුගේ පුරප්පාඩු මේ වන විට ඇතිව තිබෙන බැවින් නියෝජ්‍ය පොලිස්පතිවරු අතරින් ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ඒ සඳහා පත්කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත.
ප්‍රියන්ත වීරසූරිය පොලිස්පති ධුරයට පත්වීමත් සමඟ ඔහු දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයත්, නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීමත් සමඟ ඔහු එතෙක් දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයත් මේ වනවිට පුරප්පාඩුව පවතියි.
ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර ගණන 15කි.
නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කළ ද එම තනතුරට ද මෙතෙක් නිලධාරියෙක් පත්කර නැත.
ඒ අනුව දැනට පුරප්පාඩුව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර දෙක සඳහා පත්කිරීමට නියමිතව සිටින්නේ දැනට ශ්‍රී ලංකා පොලීසියේ සිටින නියෝජ්‍ය පොලිස්පතිවරු 50ක් පමණ වූ පිරිසක් අතරින් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ය.
මෙම පුරප්පාඩු තනතුරු දෙක වෙනුවෙන් පොලිස් මූලස්ථාන පරිපාලන නියෝජ්‍ය පොලිස්පති මෙන්ම උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කරමින් සිටින, කලක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද සේවයේ නිරතව සිටි බුද්ධික සිරිවර්ධන සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ලෙස සේවයේ නිරතව සිටින නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත අයගේ නම්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට මෙම සතිය තුළ නිර්දේශ කරනු ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි. ඒ මේ වනවිට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින්නේ එම නිලධාරීන් දෙදෙනා බැවිනි.
ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීමත් සමඟ ඔහු එතෙක් සේවයේ නිරතව සිටි උතුරු මැද පළාත භාරව වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ධුරයේ කටයුතු කරනු ලැබුවේ ද නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධනය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart