August 18, 2025

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු දෙදෙ­න­කුගේ පුර­ප්පාඩු මේ වන ­විට ඇතිව තිබෙන බැවින් නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු අත­රින් ජ්‍යෙෂ්ඨ­තම නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු දෙදෙනා ඒ සඳහා පත්කි­රී­මට ජාතික පොලිස් කොමි­ෂන් සභාවේ අව­ධා­නය යොමුව ඇත.

ප්‍රියන්ත වීර­සූ­රිය පොලි­ස්පති ධුර­යට පත්වී­මත් සමඟ ඔහු දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යත්, නිලන්ත ජය­ව­ර්ධන සේව­යෙන් පහකිරී­මත් සමඟ ඔහු එතෙක් දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යත් මේ වන­විට පුර­ප්පා­ඩුව පව­තියි.

ශ්‍රී ලංකා පොලී­සියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුර ගණන 15කි.

නිලන්ත ජය­ව­ර්ධන සේව­යෙන් පහ කළ ද එම තන­තු­රට ද මෙතෙක් නිල­ධා­රි­යෙක් පත්කර නැත.

ඒ අනුව දැනට පුර­ප්පා­ඩුව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුර දෙක සඳහා පත්කි­රී­මට නිය­මි­තව සිටින්නේ දැනට ශ්‍රී ලංකා පොලී­සියේ සිටින නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු 50ක් පමණ වූ පිරි­සක් අත­රින් ජ්‍යෙෂ්ඨ­ත්ව­යෙන් ඉහ­ළින්ම සිටි නියෝජ්‍ය පොලි­ස්ප­ති­වරු දෙදෙනා ය.

මෙම පුර­ප්පාඩු තන­තුරු දෙක වෙනු­වෙන් පොලිස් මූල­ස්ථාන පරි­පා­ලන නියෝජ්‍ය පොලි­ස්පති මෙන්ම උතුරු මැද පළා‍ත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ධුරයේ වැඩ ආව­ර­ණය කර­මින් සිටින, කලක් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ලෙස ද සේවයේ නිර­තව සිටි බුද්ධික සිරි­ව­ර්ධන සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටින නියෝජ්‍ය පොලි­ස්පති ධම්මික ප්‍රියන්ත අයගේ නම්, පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය විසින් ජාතික පොලිස් කොමි­ෂන් සභා­වට මෙම සතිය තුළ නිර්දේශ කරනු ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කරයි. ඒ මේ වන­විට ජ්‍යෙෂ්ඨ­ත්ව­යෙන් ඉහ­ළින්ම සිටින්නේ එම නිල­ධා­රීන් දෙදෙනා බැවිනි.

ප්‍රියන්ත වීර­සූ­රිය වැඩබලන පොලි­ස්පති ලෙස පත්කිරී­මත් සමඟ ඔහු එතෙක් සේවයේ නිර­තව සිටි උතුරු මැද පළාත භාරව වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ධුරයේ කට­යුතු කරනු ලැබුවේ ද නියෝජ්‍ය පොලි­ස්පති බුද්ධික සිරි­ව­ර්ධනය.