
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් නව මාදිලියක් යටතේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය බලධාරීන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමටත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල ඒ සඳහා අනුයුක්ත කිරීමටත් තීරණයවී ඇත.
රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ.
කමිටුව මෙම වසරේ දෙසැම්බර් මස අවසානයට පෙර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලෙ සංවර්ධනය පිළිබඳ යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart