
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ශ්‍රී ලාංකික ජාතිකයන් හයදෙනෙකු නේපාලය කත්මණ්ඩු නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පිටුවහල් කර තිබේ.
නේපාල පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී විත්තිකරුවන් කත්මණ්ඩු සහ භක්තපූර් හරහා කුලී නිවාසවල පදිංචිව සිටි බව අනාවරණය වීමෙන් පසු බදාදා පිටුවහල් කිරීම සිදුකරන ලදී.
ජ්‍යෙෂ්ඨ පොලිස් ආරංචි මාර්ගවලට අනුව, පිටුවහල් කරන ලද පුද්ගලයන් වන්නේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ පින්පුර දේවගේ (26), ජීවතසන් කනකරාසා (33), තක්ෂි නන්තකුමාර් (23), දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදර (49), කෙනඩි බස්ටියම්පිල්ලෙයි (35) සහ දිනේෂ් නිසංසන්ත කුමාර වික්‍රම ආරච්චිගේ (43) ය.
2024 පෙබරවාරි 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සංජීව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන ඉෂාරා සෙව්වන්දි, ඉන්ටර්පෝල් රතු නිවේදන ලැයිස්තුවේ සිටියේය.
මෙම නිවේදනය මගින් නේපාලය ඇතුළු ඉන්ටර්පෝල් සාමාජික රටවල් ඇගේ ගමන් නිරීක්ෂණය කිරීමට පෙළඹී තිබිණි.
නේපාල පොලිස් නිලධාරියෙකු පැවසුවේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම නඩුව සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වූ බවත්, එය සෝදිසි කිරීම් ඉක්මන් කිරීමට හේතු වූ බවත්ය. “නක්සල්හි නේපාල පොලිස් මූලස්ථානයේ ඉන්ටර්පෝල් ජාතික මධ්‍යම කාර්යාංශය සැකකරුවන් සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායමක් යොදවා තිබිණි.” නිලධාරියා පැවසීය.
පොලිස් පරීක්ෂණවලින් හෙළිවූයේ හයදෙනාම මැලේසියාවේ සහ ඩුබායි හි මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකික අපරාධ සංවිධානයක් වන කුප්‍රකට කෙහෙල්බද්දර පද්මේ කල්ලියේ සාමාජිකයින් බවයි.
අගෝස්තු 25 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පද්මේට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
සංජීවගේ ඝාතනය පිටුපස ප්‍රධාන මොළකරු පද්මේ බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කර තිබේ.
සැකකරුවන් සති කිහිපයක් තිස්සේ ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරමින් සහ ඉන්දියානු ජාතිකයන් බව පවසමින් නේපාලයේ රහසිගතව ජීවත් වූ බව සොයාගන්නා ලදී.
ඔවුන්ගෙන් දෙදෙනෙකු ගුවනින් නේපාලයට ඇතුළු වූ බව වාර්තා වන අතර අනෙක් අය ඉන්දියාවේ සිට ගොඩබිම හරහා දේශ සීමාව තරණය කර ඇති බව විශ්වාස කෙරේ.
“ප්‍රධාන සැකකරු වන සෙව්වන්දි, තමා ඉන්දියානු පුරවැසියෙකු බව අයිතිකරුට පවසමින් භක්තපූර් හි කාමරයක් කුලියට ගෙන ඇති බව විමර්ශකයින් සොයාගෙන ඇත.
“ඇය ඉන්දියාවේ බැංගලෝර්හි සිට පැමිණි බවත්, මාසයක් පමණ භක්තපූර් හි නැවතී සිටි බවත්, බොහෝදුරට ඇගේ කාමරය තුළ රැඳී සිටි බවත් නිවස හිමිකාරිය පවසා තිබේ. ,” විමර්ශන නිලධාරියෙක් පැවසීය. “අවදානම අවම කිරීම සඳහා ඇය පිටතට යාමෙන් වැළකී සිටින්නට ඇත.”
ඝාතනයට ඇයගෙ සබදතාව හෙළිවු පසු “ඇගේ අනන්‍යතාවය හෙළි වූ පසු, සෙව්වන්දි මුහුදෙන් ඉන්දියාවට පළාගියාය.
“ඇය පැන යාමට රුපියල් මිලියන 6.5 ක් පමණ වියදම් කර, සති දෙකක් පමණ ඉන්දියාවේ රැඳී සිටි බවත්, පසුව කත්මන්ඩු වෙත ගොඩබිම් හරහා පැමිණි බවත් අපට තොරතුරු තිබේ,” නිලධාරියෙක් පැවසීය. “නේපාල පොලිසිය ඇයව අත්අඩංගුවට නොගන්නා බවට ඇය තුළ විශ්වාසක් තිබුණු බව අනාවරණය වේ.
සැකකරුවන් කිසිවෙකු නේපාලයේ අපරාධ සිදුකර නොමැති බැවින්, නේපාල නීතියට අනුකූලව ඔවුන් පිටුවහල් කිරීමට පහසුකම් සැලසීම සඳහා බලධාරීහු ආගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කළහ.
ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙකු තහවුරු කළේ, “නීතිමය අවශ්‍යතා අනුව ඔවුන්ට දඩ නියම කර පොලිස් අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ට භාරදුන් බවයි.”
නේපාලයේ රැකවරණය පතා එන ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයන්ගේ එවැනි සිද්ධීන් අතිශයින් දුර්ලභ බව ඉන්ටර්පෝල් නිලධාරීන් සඳහන් කළ අතර, ඔවුන් ඉක්මණින් පිටුවහල් කිරීම සහතික කිරීමේදී නේපාල පොලිසිය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර සම්බන්ධීකරණය තීරණාත්මක වූ බව පැවසීය.
(පරිවර්තනය-TMG චන්ද්‍රසේකර)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart