July 6, 2026

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් මේ වන විට දුම්බර ඇතුළු බන්ධනාගාරවලට මාරුකර යැවීමට බන්ධනාගාරය මේ වන විට කටයුතු යොදා ඇත.

බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මේ වන විට 25කට අධික පිරිසක් මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇත.

ඊයේ දින දහවල් ඇති වූ ගැටුමින් දෙදෙනකු මියගොස් තවන් 33 දෙනකු තුවාල ලැබීය.

අද දින සිදුවූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් පස්දෙනෙකු ඇතුළුව 25 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරයි.

පවතින ගැටුම් කාරී තත්ත්වය පාලනය කිරීම සහා සිරකරුවන්ගේ ආරක්ෂාව පතා මීගමුව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් මේ වන විට දුම්බර ඇතුළු දිවයිනේ පිහිටුවා ඇති බන්ධනාගාරවලට මාරුකරන බව ද බන්ධනාගාර උසස් නිලධාරියෙක් කීය.