
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ ආරච්චිල මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (19) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණ නිල නිවෙස ආසන්නයේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 8,200 ක්ද සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් පවතින හෙරොයින් මත්ද්‍රව්‍ය සොරකම් කර ඒවා පිටස්තර පුද්ගලයන්ට විකුණා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
සැකකරු ළඟ තිබී සොයාගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍යයද නඩු භාණ්ඩ වශයෙන් තිබියදී සොරාගන්නා ලද ඒවා බව හෙළිවී ඇත.
මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත මීගමුව දෙමංහන්දිය ප්‍රදේශයේ තවත් පුද්ගලයකුද අධිකරණ නිල නිවෙස ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
ඔහු ළඟද හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,100 ක් තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකාර ආරච්චිල මොහුට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බව හෙළිවී ඇති බවත් සැකකරු කොට්ටාව පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු බවත් පොලිසිය සඳහන් කරයි.
ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart