
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට දඩ නියම කිරීමෙන් අනතුරුව විත්තිකූඩුවේ සිට බෙල්ල කපාගත් සැකකරුවෙකු වහාම ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අද (04) පොලිසියට නියෝග කළේය.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුබ්‍රමනිම් නැමැති සැකකරු විත්ති කූඩුවේ සිට මෙසේ සිය බෙල්ල බ්ලේඩ් තලයකින් තුන්පාරක් කපා ගත්තේය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයෙන් පවසා සිටියේ සැකකරු පුනරුත්ථාපනය සඳහා යොමුකරන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලා සිටින බවය.
සැකකරුගේ මානසික තත්ත්වය අයහපත් බැවින් ඔහු සමග ජීවත්වීමට නොහැකි හෙයින් ඔහු පුනරුත්ථාපනය සඳහා යොමුකරන ලෙස ඉල්ලා සිටින බවද පැවසීය.
පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකාර කාන්තාව එසේ ඉල්ලීමක් කිරීමට හේතුව කුමක්දැයි විමසා සිටි මහේස්ත්‍රාත්වරයා, ඇය වෛද්‍යවරියක් දැයි නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
කෙසේවෙතත් වරදේ ස්වභාවය අනුව සැකකරුට රුපියන් 9000ක දඩයක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දඩ නියම කිරීමෙන් පසුව සැකකරු සඟවාගෙන සිටියේ යැයි කියන බ්ලේඩ් තලයකින් බෙල්ල කපාගත්තේය.
සැකකරු බෙල්ල කපාගන්නා බවත් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට හා බන්ධනකාර නිලධාරීන්ට වහාම නියෝග කළේය.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පරීක්ෂා නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගත යුතු බවට සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන් අලසව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට යොමුකළේය.
සැකකරු හොඳින් පරීක්ෂා කළ බවත් ඔහුගේ කකුලේ තිබූ තුවාලයක මෙම බ්ලේඩ්තලය සඟවාගෙන සිට ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් කරුණු ඉදිරිපත් කර ඇත.
සැකකරු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී වරක් පුනරුත්ථාපනය වූ පුද්ගලයකු බවටද කරුණු ඉදිරිපත් කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart