
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවත් එම කොමිසම් අනාවරණය කරයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී මෙම අනාවරණය සිදුකර ඇත.
ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කර තිබේ.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, එමඟින් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ඇති හැකියාව ද පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart