
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම පසුගියදා නවලෝක රෝහල් සමූහය සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබී ය.
මෙමගින් Allianz Global Healthcare රක්ෂණ හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වේ. රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට රෝහල්ගත වීමකට පෙර හා පසු පරිපූර්ණ රැකවරණයක් පිරිනමන Allianz Global Healthcare රක්ෂණය ලොව කොතැනක සිටියත් රක්ෂණ හිමියන්ට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට උපකාරී වෙයි.
Allianz Global Healthcare රක්ෂණයේ ප්‍රතිලාභ අතරට රෝහල්ගත කිරීම් සඳහා අන්තර්ජාතික ආවරණයක්, කොවිඩ් -19 ආවරණයක්, පවුල් සඳහා විශේෂ වට්ටම්, වයස අවුරුදු 64 දක්වාම සුදුසුකම් ලැබීමේ හැකියාව, ස්වකැමැත්ත මත තෝරාගන්නා ප්‍රතිකාර (විදේශ රටවලදී) ආවරණය, වෛද්‍ය හේතු මත යම් ස්ථානයක් වෙත යැවීම සහ නැවත ගෙන්වා ගැනීම, පැය විසි හතර පුරා හදිසි සහය, සහ රෝහල් වෙත සෘජුව ගෙවීම් සිදුකිරීමේ හැකියාව ඇතුළු තවත් බොහෝ දේ ඇතුළත් වේ.
නවලෝක රෝහල් සමූහය සමග ඇතිකරගත් හවුල්කාරීත්වයත් සමග මෙම ප්‍රතිලාභ එකතුව තවදුරටත් පුළුල් වී ඇත. මෙම නව ප්‍රතිලාභ අතරට, කොළඹ නගර සීමාව තුළ ගිලන් රථ ගාස්තු අය නොකිරීම, දිවයින පුරා නවලෝක පරීක්ෂණ මධ්‍යස්ථාන සහ නියැදි එකතුකිරීමේ මධ්‍යස්ථාන වලදී තෝරාගත් පරීක්ෂණ සඳහා වට්ටම් හිමි වීම, රෝහල් කාමර සඳහා විශේෂ ගාස්තු හිමි වීම සහ රෝහල් බිල්පත් සඳහා වැඩිදුර වට්ටම් හිමිවීම ආදිය ඇතුළත් වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart