
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව අද(14) උදෑසන බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 06 ක් බේරාගෙන තිබේ.
බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 08 ක් පමණ (කිලෝ මීටර් 15 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් යාත්‍රාව තුළට ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙකු (06) මෙලෙස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජි 208 යාත්‍රාව මඟින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව, බහුදින ධීවර යාත්‍රාවේ (IMUL-A-438-CHW) හිමිකරු විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදු කල දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජි 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කර තිබේ.
අනතුරුව, සීජි 208 යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගොස්, ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හය දෙනා (06) නිරුපද්‍රිතව මුදවා ගැනීමට කටයුතු කල අතර, මුදවාගත් ධීවරයින් පිරිස මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart