January 16, 2026

යාපනයේ කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඊයේ (ජනවාරි 14) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් සහ පරවියන් 237 දෙනකු සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ යටතේ කච්චතිව් ඒකකයේ නාවික නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් පසු මෙහෙයුම දියත්කර තිබේ.

ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 25 ත් 41 ත් අතර ඩෙල්ෆ්ට් දූපතේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති සැකකරුවන් සහ කුරුල්ලන් සහ ඩිංගි යාත්‍රාව නීතිමය පියවර සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානයට භාරදී ඇත.