
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 13 වන දින සිලාවතුර, මන්නාරමේ වන්කලෙයි, යාපනයේ කල්මුණේ තුඩුව සහ මීගමුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව කළ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 17දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී ආම්පන්න සහ නීතිවිරෝධී ලෙස අස්වැන්න නෙළන ලද මුහුදු පිපිඤ්ඤා 743ක් පමණ අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා නාවික නෞකා වන ථෙරපුත්ත සහ ශ්‍රී ලංකා නාවික නෞකා විසින් මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇත.
මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී රාත්‍රී කිමිදුම් සහ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 17 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් වලදී නාවික හමුදාව විසින් ඩිංගි යාත්‍රා 06ක්, කිමිදුම් උපකරණ සහ නීතිවිරෝධී ලෙස අස්වැන්න නෙළන ලද මුහුදු පිපිඤ්ඤා 743ක් පමණ ඔවුන් සන්තකයේ තබාගෙන සිට ඇත.
මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, වන්කාලෙයි, මීගමුව, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 සිට 61 දක්වා වයස්වල පසුවන්නන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart