
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය (ජාජබ) දේශපාලන පක්ෂයක් ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ලියාපදිංචි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර තිබේ.
විනිවිද පදනමේ ක්‍රියාකාරික සහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කරන ලද මෙම මෝසම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ මෑතකාලීන ලියාපදිංචිය ඉලක්ක කරයි.
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුගේ මෝසම පැමිණෙන්නේ, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සහ ස්වාධීන දේශපාලන ආයතනයක් ලෙස එම පක්ෂයේ තත්ත්වය සම්බන්ධයෙන් පවතින මතභේදය මධ්‍යයේ ය.
විනිවිද පදනම දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සමක් සළකා බැලීමේදී මෙම මෝසම ගොනුකර ඇත.
නීතීඥවරයා සිය පෙත්සමෙන් තර්ක කර ඇත්තේ, ජාජබ කළින් ලියාපදිංචි දේශපාලන ආයතනයක් වන ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) කොටසක්වන බැවින් එය ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා නීතිය උල්ලංඝනය කරන බවයි.
ජාජබ වෙනම පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම දේශපාලන පක්ෂ ලියාපදිංචිය පාලනය කරන නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවට ඔහු තර්ක කරයි.
මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ සංරචකයක්ව සිටි ජාජබට වෙනම දේශපාලන පක්ෂ තත්ත්වය ලබාදීම දේශපාලන පක්ෂ ලියාපදිංචිය නියාමනය කිරීමේ පවතින නීතිවලට පටහැනි බව නීතීඥවරයා අවධාරණය කරයි.
සිය යෝජනාවට සහායවන සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart