
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික හැඳුනුම්පත (NIC) සහ ඒ ආශ්‍රිත සේවාවන් සඳහා නව ගාස්තු ව්‍යුහයක් ප්‍රකාශයට පත්කරමින් රජය ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් නිකුත් කිරීම සඳහා වන වියදම රුපියල් 1000ක ස්ථාවර මිලකට නියම කර ඇත.
මීට අමතරව, ජාතික හැඳුනුම්පතක් හා සම්බන්ධ තොරතුරුවල සත්‍යතාව සහතික කිරීමේ ගාස්තු යාවත්කාලීන කර ඇත.
මාර්ගගත ඉදිරිපත් කිරීම් සඳහා දැන් රුපියල් 25ක ගාස්තුවක්, භෞතික හෝ මාර්ගගත ඉල්ලීම්, කොමසාරිස් ජනරාල්ගේ අනුමැතියට යටත්ව රුපියල් 500ක් වශයෙන්ද සංශෝධන සිදුකර තිබේ.
ලියාපදිංචි සහතිකය අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 10,000 සිට රුපියල් 15,000 ක් දක්වාවදිකර ඇති අතර, සම්මත අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 3,000 ක් ලෙස සටහන් කර ඇත.
ගාස්තු පිළිබඳ යාවත්කාලීන කරන ලද රෙගුලාසි www.documents.gov.lk හි ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැක.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart