
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසුරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ ඇය රටින් පිටවීමට උත්සහ කළ අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොලේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට පත් වූ සැකකාරිය පරිඝනක අපරාධ විමර්ශන අංශය වෙත ඉදිරි විමර්ශන සඳහා භාර දී තිබේ.
පසුගියදා “මෝඩාභිමානය” නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඇය විසින් සිදුකරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුල කතාබහක් ඇති වී තිබූ අතර විවිධ පාර්ශවයන් විසින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක මතයන් පළකරනු ලැබීය.
පාර්ශ්ව කිහිපයක් ඇගේ ප්‍රකාශයට එරෙහිව පොලිසියට පැමිණිලි ද ඉදිරිපත් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart