
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දින 08 ක අභ්‍යවකාශ මෙහෙයුමක් අනපේක්ෂිත ලෙස මාස 09 ක් දක්වා දීර්ඝ වීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි නාසා ආයතනයේ ගගනගාමීන් දෙපළක් වන බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස් ඊයේ යළි පෘථිවියට ළඟා
ඒ, ඔවුන් රැගෙන ඒම සඳහාම නාසා ආයතනය දියත් කළ SpaceX Crew Dragon කැප්සියුලයේ ආධාරයෙනි.
Boeing’s Starliner අභ්‍යවකාශ යානය භාවිතයෙන් දළ වශයෙන් දින අටක් පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ මූලික මෙහෙයුම 2024 ජූනි මාසයේදී දියත් කරන ලද නමුත්, පද්ධතියේ ගැටළු සහ හීලියම් කාන්දුවීම් ඇතුළු Starliner හි ඇති තාක්ෂණික ගැටළු හේතුවෙන් ඔවුන්ට මාස 09 ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවිය.
ඔවුන්ගේ පැමිණීමත් සමග ගතවූ කාලය සම්බන්ධයෙන් අමෙරිකාවේ පැවැති බයිඩ්න් පාලනයට දොස් පැවරී ඇති අතර ට්‍රම්ප් වෙත ප්‍රසාදය පළවෙමින් තිබේ.
කෙසේවෙතත් දිගු කාලයක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිටීම හේතුවෙන් මතුව ඇති සෞඛ්‍ය ගැටළු හමුවේ එම ගගනගාමීන් දෙදෙනා මේවන විට දින 45 ක කාලයක් සඳහා දැඩි අධීක්ෂණය යටතේ පුනරුත්ථාපන වැඩසටහනකට යොමුකර ඇත.
කෙසේවෙතත් ඉදිරි දින දෙක තුලදී ඔවුන් සිය පවුලේ සාමාජිකයන් හමුවීමට ද නියමිතය.
බුච් විල්මෝර් සහ සුනීතා විලියම්ස්ගේ පැමිණීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන් ධවල මන්දිරය ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ” පොරොන්දුවක් වුණා – පොරොන්දුව ඉටුකළා” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart