
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
“මගේ පළමු වාරයේදී ඉන්දියාව ආර්ථිකය අතින් 10 වැනි ස්ථානයේ සිටියා. මගේ දෙවන ධුර කාලය තුළ එය ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකයයි. ඒ වාර්තා මත පදනම්ව , මම සදහන් කරන්නේ මගේ තුන්වන වාරයේ දී අපේ ආර්ථිකය ලෝකයේ හොඳම සහ බලවත්ම ආර්ථිකයන් තුන අතරට පැමිණෙනු බව”යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ(26) ඉන්දියාවේ දිල්ලි නුවර පැවති උත්සවයකදී පවසා තිබේ.
‘භාරත් මණ්ඩපම්’ ලෙස නම් කර ඇති, ප්‍රතිසංස්කරණය කරන ලද අන්තර්ජාතික ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථාන සංකීර්ණය (IECC) විවෘත කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මේ පිළිබද වාර්තා කරමින් ඉන්දීය ජනමාධ්‍ය සදහන් කරන්නේ එය ලබන වසරේ පැවැත්වෙන මහාමැතිවරණයේ දී ජයගෙන තවත් ධුර කාලයකට අගමැති ධුරය ලබාගනිමින් තුන්වන වරටත් අගමැති ධුරය හෙබවීම සදහා වන නරේන්ද්‍ර මෝදිගේ අපේක්ෂාව හෙළිකරන්නක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart