
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර මෙරට 1996 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් හමුවී ඇත.
කොළඹදී මෙම හමුව සිදුව තිබේ.
මෙම අවස්ථාව සඳහා අරවින්ද සිල්වා, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, මාවන් අතපත්තු, කුමාර ධර්මසේන, චමින්ද වාස්,රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ උපුල් චන්දන යන මෙරට හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවේ ඡායාරූප ද සමගින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ගිණුමේ සටහනක් තබා ඇත.
එහි දැක්වෙන්නේ,
”ක්‍රිකට් බැඳීම!
1996 දී ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හමුවීම සතුටකි. මෙම කණ්ඩායම අතිමහත් ක්‍රීඩා ලෝලීන් පිරිසකගේ හදවත් දිනා ගත්තේය!” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart