
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර සිදුවූ දරුණු නායයෑමෙන් දැඩි ලෙස හානි වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබේ.
එම මාර්ගයේ ආරක්ෂිතභාවය තහවුරු කෙරෙන පරීක්ෂණ නිරීක්ෂණ චාරිකාව ද (Trial Run) සාර්ථකව නිම කිරීමට හැකි වූ බව ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු (නානුඔය) දනුෂ්ක දිසානායක නිල වශයෙන් තහවුරු කරයි.
ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විධායක ඉංජිනේරුවරයා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ පෞද්ගලික අංශයේ ඉංජිනේරු කණ්ඩායම් එක්ව තම සෘජු අධීක්ෂණය යටතේ අතිශය දුෂ්කර මෙහෙයුමකින් පසුව මෙම නායගිය දුම්රිය මාර්ගය ඉතා කෙටි කලක් තුළ යථාතත්ත්වයට පත්කිරීමට සමත් වූ බවයි.
දුම්රිය මාර්ගයේ අනතුරට ලක්වූ කොටස සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයට පත්වීමත් සමඟ මගී ප්‍රවාහන කටයුතුවල ද විශේෂ වෙනසක් සිදුවේ.
ඒ අනුව, මෙතෙක් කාලයක් නායයෑම් බාධා හේතුවෙන් අඹේවෙල සහ බදුල්ල අතර පමණක් සීමා වී තිබූ මගී ප්‍රවාහන දුම්රිය ධාවන කටයුතු, එළඹෙන මේ මස 20 වැනිදා සිට සෘජුවම නානුඔය දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart