January 21, 2026

හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ මරණය සම්බන්ධයෙන් මතභේදයක් ඇති වී ඇති අතර, ඔහුගේ පවුලේ අය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉඩ සැලසෙන පරිදි අවමංගල්‍ය කටයුතු වෙනස් කරමින් දේහය කළින් සැලසුම් කළ පරිදි ආදාහනය නොකර භූමිදානය කර ඇත.

නන්දන ගුණතිලක මහතාගේ සහෝදරිය වන මංගලා කරුණාරත්න ජනමධ්‍ය වෙත පැවසුවේ දේශපාලන හා ආර්ථික අපරාධ නිරීක්ෂණය කරන ජාත්‍යන්තර ආයතනයකට කරන ලද පැමිණිල්ලක් මත නිකුත් කරන ලද වීඩියෝවකට සම්බන්ධ කැළඹිලි සහගත තොරතුරු මතුවීමෙන් පසුව, පවුලේ අය ආදාහනය වෙනුවට භූමිදානය කිරීමට තීරණය කළ බවයි.

වාද්දුව තරුණ බෞද්ධ සංගම් ශාලාවේ අඟහරුවාදා පස්වරුවේ පැවති විශේෂ ජනමාධ්‍ය හමුවකදී මංගලා කරුණාරත්න පැවසුවේ වාද්දුව පොදු ක්‍රීඩාංගණයේ බදාදා පැවැත්වීමට නියමිතව තිබූ ආදාහනය අවලංගු කළ බවයි.

ඒ වෙනුවට භූමිදානය මහ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට තීරණය කළ බව ඇය පැවසුවාය.

පහතින් දැක්වෙන්නේ එහිදී ඇය දැක්වූ අදහස්ය.