
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹහොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ලෙස ඉදිකිරීම සඳහා 2009-11-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, 2022 වර්ෂයේදි උද්ගත වූ ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන්, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින් නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ නිලධාරි කමිටුවේ නිර්දේශය මත එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
එකී ව්‍යාපෘතිය මෙරට ජාතික මාර්ග ප්‍රධාන සැලැස්ම (National Road Master Plan) යටතේ ප්රමුඛ යටිතල පහසුකම් සංවර්ධන කටයුත්තක් ලෙස හඳුනාගනු ලැබ ඇති අතර, අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් 90%ක් පමණ මේ වන විට අවසන් කරනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් කොළඹ-හොරණ මාර්ගයේ ගමන් කාලය සහ රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩු වන අතර, ඒ හේතුවෙන් නාගරික සංචලනය හා ආර්ථික ඵලදායීතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart