
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරුණ පරපුර නිර්පාක්ෂික දේශපාලනයට යොමුකළ යුතු බව කියන නාමල් රාජපක්ෂගේ සමීපතමයින් යොදවා සිදුකළ තවත් රංගනයක තොරතුරු Lanka Truth වෙබ් අඩවිය හෙළිකර තිබේ.
තරුණ සම්මේලනය නිර්දේශපාලනික කළ යුතු බවට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ නාමල් රාජපක්ෂගේ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ සිටි පිරිසක් බව අනාවරණය වේ.
පසුගිය ආණ්ඩු යටතේ ජාතික තරුණ සේවා සභාව හරහා විවිධ දේශපාලන ප්රචාරක කටයුතු වෙනුවෙන් මහජන මුදල් නීති විරෝධී ලෙස පරිහරණය කර තිබිණි.
මෙම තත්වය වෙනස් කරමින් නිසි ආකාරයට ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවමින් එම තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට රට පුරා දිස්ත්‍රික් මට්ටමින් තරුණ සම්මේලන පිහිටුවමින් තිබේ.
ඒ සම්බන්ධයෙන් විකෘති ප්‍රචාරයක් ලබාදීම සඳහා පසගිය පළාත් පාලන මැතිවරණවයට නාමල් රාජපක්ෂලා විසින් ඉදිරිපත් කළ තරුණ අපේක්ෂකයන් යොදාගනිමින් පසුගිය 30 වැනිදා හම්බන්තොට එම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
නාමල් රාජපක්ෂ චෝදනා කරන පරිදි තරුණ සම්මේලන නිර්දේශපාලනික වීම සඳහා එහි ප්‍රධාන තනතුරු සඳහා පසුගිය කාලයේ ඔවුන්ගේ දේශපාලන හිතවතුන් පත්කළ ලෙසින්ම මෙවර ද ඉඩ ලබාදිය යුතු දැයි ප්‍රබල ප්‍රශ්න කිරීමක් මේ වනවිට ෆේස්බුක් සමාජ ජාලාව තුළ සිදුවෙමින් තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart