June 27, 2025

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරන ලද නඩුව සැප්තැම්බර් 26 දින නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය සමාගමක් වන ක්‍රිෂ් වෙතින් රුපියල් මිලියන 70ක් ලබාගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර ඇත.

අද (27) දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනීසිටියේය.