
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපද අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත අඩු කරගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ ඇති කර ගත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.
‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පවසා තිබුණේ, “අමෙරිකා එක්සත් ජනපද තීරුබදු අනුපාත 20% දක්වා අඩු වනු දැකීම දිරිගන්වන සුළුයි, එමගින් දැන් අපගේ බදු අනුපාත වියට්නාමය සහ බංග්ලාදේශය සමඟ සම වනවා, එක්සත් ජනපද වෙළඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමේදී නොපසුබටව සිටීම ගැන ජාතික ජන බලවේග රජයට මම සුබ පතනවා.” යනුවෙනි.
කෙසේවෙතත්, තීරුබදු සහනයට හේතු වූ සාකච්ඡාවල විනිවිදභාවයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
“තීරුබදු අඩු කිරීම් ලබා ගැනීම සඳහා එක්සත් ජනපද රජය සමඟ ඇති කර ගත් ‘අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්’ පිළිබඳ විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා,” යැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකා අපනයනකරුවන්ට සහාය වීමේ සහ ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟකාරිත්වය ඉහළ නංවා ගැනීමේ අවශ්‍යතාව පිළිගනිමින් එවැනි අන්තර්ජාතික ගිවිසුම් රටේ ස්වෛරීභාවයට හානියක් නොකළ යුතු බවට රාජපක්ෂ අනතුරු ඇඟවීය.
“අන්තර්ජාතික හවුල්කරුවන් සමඟ ඇති කර ගන්නා සියලුම ගිවිසුම් විනිවිදභාවයෙන් යුක්ත බවත් රටේ ස්වෛරීභාවයට බලපාන්නේ නැති බවත් සහතික විය යුතුයි. ගිවිසුමේ විස්තර සහ ඇති කරගත් කොන්දේසි මහජනතාවට නිකුත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අනුපාතය අභිබවා යමින්, ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා තීරුබදු 44% සිට 20% දක්වා අඩු කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (31) විධායක නියෝගයට අත්සන් තබා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart