
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්රජාතන්ත්රවාදය අගය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.
අද දිනට (ජූලි 7) දිනගත කර ඇති මෙම ලිපිය මඟින් නාමල් රාජපක්ෂ පෙන්වා දෙන්නේ, කිසිදු පිළිගත හැකි හෝ සාධාරණ හේතුවකින් තොරව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට රජය උත්සාහ කරමින් සිටින බවයි.
මෙමඟින් මෙරට නීතියේ ආධිපත්‍යයට දැඩි හානියක් සිදුවන අතර ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට ද එය අහිතකර ලෙස බලපානු ඇතැයි ඔහු අනතුරු අඟවයි.
මෙම යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහ ලෝඒෂියා යන අන්තර්ජාතික හා දේශීය නීතිමය ආයතන දැනටමත් සිය විරෝධය පළකර ඇති බව මන්ත්‍රීවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
එම නිසා, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනීසිටින සියලු දේශපාලන බලවේග එක්ව මෙම වැඩපිළිවෙළට එරෙහි විය යුතු බවත්, විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස වහාම මැදිහත් වී පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ අනෙකුත් ප්‍රධාන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පුළුල් සාකච්ඡාවක් සංවිධානය කළ යුතු බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart