
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාව හිරේ දමන බව ඇමතිවරයකු ප්‍රකාශ කර ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එම ප්‍රකාශයට පිළිතුරු ලබාදී ඇත.
ඔහු මෙම පිළිතුරු ලබාදීම සිදුකර ඇත්තේ, 2026.08.17 දින පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
එහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේ සඳහන් කර ඇත
“ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට ඕන විදියට මේ පාලනය අරගෙන යන්න ඕනේ, ආණ්ඩුවට විරුද්ධව නැගිටින හැම බලවේගයක්ම පාගන්න ඕනේ, ආණ්ඩුව හිතන දේ විතරයි හරි, අනිත් හැමෝම හොරු කියලා… ආණ්ඩුවට වැරදිලා!
මං දැක්කා එක ඇමතිවරයෙක් කියනවා මේ නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු. මොකද එයාත් දන්නේ නැහැ නඩු තීන්දුව දෙන. නේද? මොකද මං අද වෙනකන් හිතන් හිටියේ නඩුව අහන්නේ ගරු අධිකරණය කියලා අපේ හාමුදුරුවනේ. අපි විශ්වාස කරන්නේ අධිකරණය. හැබැයි ඇමතිවරයා තමයි කියන්නේ හිරේ යනවා කියලා. ඒ කියන්නේ නඩුව ලියන්නේ එයාද?
ඔය නිසා තමයි ආදරණීය අම්මේ තාත්තේ අද මේ රටේ නීතිඥ සංගම්වලට සැකයක් තියෙන්නේ මේ අධිකරණ පද්ධතිය පිළිබඳව, ස්වාධීනත්වය පිළිබඳව. ඔය නිසා තමයි ජාත්‍යන්තර නීතිඥ සංගම්, UN එක මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕනේ කියන මතයක් අද ගොඩනගන්නේ.”


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart