
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනකින් සඳහන් කළේ සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අනෙකුත් ක්ෂේත්‍ර දක්වා ඉන්දු – ශ්‍රී ලංකා විවිධ ගැටලු පිළිබඳ දෙදෙනා අදහස් හුවමාරු කරගත් බවයි.
ෆේස්බුක් හි සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පැවසුවේ වසර ගණනාවක් තිස්සේ රටවල් දෙක අතර පවතින ශක්තිමත් සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳ සාකච්ඡා කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart