
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගයට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය සුබ පැතුම් එක් කර තිබේ.
සිය X ගිණුමෙහි පණිවිඩයක් පළ කරමින් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ මෙම වැදගත් ගමනට අනුර කුමාර දිසානායකට සහ ජාතික ජනබලවේගය වෙත සුබ පැතුම් එක් කරන බවයි.
”ජනතා වරම පිළිගෙන ඔවුන් අපේක්ෂා කළ වෙනස සඳහා ක්‍රියා කරන ඔබට සාර්ථක වීමට ප්‍රාර්ථනා කරමි. මෙය ජනතාව විසින් තෝරාගත් නව මාවතක් සහ නැවුම් ප්‍රවේශයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපට ඡන්දය දුන් අය සහ අපගේ දැක්ම විශ්වාස කරන අය වෙනුවෙන් පෙනී සිටියි.”
”අපි දිගටම ඔබ සමඟ සිටිමින් මෙම වටිනාකම් ආරක්ෂා කරන්නෙමු. ” යනුවෙන් නාමල් රාජපක්ෂ ඔහුගේ X ගිණුමෙහි සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart