
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අද පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්න සමඟ ගැටෙමින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කළේය.
අද පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙන්වාදුන්නේ ස්ථාවර නියෝග 98F යටතේ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළ කාරණයක් පාර්ලිමේන්තුවේ විවාදයට ගත නොහැකි බවයි.
“මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු 09 ක් තිබෙනවා. පාර්ලිමේන්තු විවාදයෙන් අධිකරණ නඩුවේ ප්‍රතිඵලයට බලපෑමක් සිදුනොවන බවට ඔබ සහතික විය යුතුයි. එබැවින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර විවාදය ආරම්භ කරන්න” මන්ත්‍රී රාජපක්ෂ පැවසීය.
ප්‍රතිචාර දක්වමින් කථානායක ජගත් වික්‍රමරත්න පෙන්වාදුන්නේ අදාළ විධිවිධාන අධ්‍යයනය කිරීමෙන් පසු පාර්ලිමේන්තු විවාදය සැලසුම් කර ඇති බවත්, එම නිසා යෝජනාව ඉදිරිපත් කිරීම අද දින විවාදයට ගැනීමට ඉඩලබා දෙන බවත්ය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ දිගින් දිගටම ගැටළු මතු කළ විට, මන්ත්‍රීවරයාට ප්‍රතිචාරයක් ලබා දී ඇති බවත්, මන්ත්‍රීවරයාට තම කතාව අවසන් කරන ලෙස නියෝග කරණ බවත් කථානායකවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart