
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් ජනාධිපතිවරයා විසින් කියවා ඇති බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහුගෙන් විමසා සිටියේ ස්වාධීන ආයතනයක් වන අල්ලස් කොමිසම වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගෙන ඇති ද යන්නයි.
කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තමන්ව කැඳවා තිබූ දිනයේදී අල්ලස් කොමිසම හමුවට පැමිණීමට නොහැකි බව රනිල් වික්‍රමසිංහ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිකර තිබූ බවයි.
එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහගේ නොපැමිණීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දී නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart