
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත ලෙස තමන් අද (08) ඉදිරිපත් කරන සංඛ්‍යා පිළිගන්නා ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කළේය.
නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ නිල සංචිත පිළිබඳ වේදිකාවකදී පලකළ අදහස් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මහ බැංකුවේ නිල සංචිත ගෙනහැර දැක්වීය.
ඒ අනුව 2024 වසරේ සැප්තැම්බර් මස ඩොලර් බිලියන 5.99ක්, ඔක්තෝබර් මාසයේ දී ඩොලර් බිලියන 6.47ක්, නොවැම්බර් මාසයේදී ඩොලර් බිලියන 6.45ක්, දෙසැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 6.12ක් වශයෙන් නිල සංචිත තිබී ඇත.
2025 ජනවාරි මාසයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.06ක්, පෙබරවාරි මාසයේ දී ඩොලර් බිලියන 6.08ක් සහ මාර්තු මාසයේ දී ඩොලර් බිලියන 6.51ක් ලෙස තිබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ කිසියම් අයකුට වැරදීමක් සිදුව ඇත්නම් මෙම සංඛ්‍යා ලේඛන පිළිගැනීමට කටයුතු කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart