
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
14 හැවිරිදි පාසල් සිසුවියක් වන ෆාතිමා නඩා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පණිවිඩයක් ද රැගෙන තම ගම්මානය වන කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණෙමින් සිටියි.
ඔක්තෝම්බර් 7 වැනි දින පිටත් වූ නාඩා පොළොන්නරුව සහ කුරුණෑගල හරහා ගොස් ඉරිදා (13) වන විට කොළඹට පැමිණීමට අදහස් කරයි.
වර්තමානයේ ළමුන් සහ තරුණ පරපුර වඩ වඩාත් පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින ඇය, සිය පණිවිඩය භාරදීම සඳහා සඳුදා (14) ජනාධිපති අනුර දිසානායක හමුවීමට බලාපොරොත්තු වේ.
දිනකට කිලෝමීටර් 50 ක් පමණ බයිසිකල් පැදීමටත්, හැකි නම්, ඊට වැඩි දුරක් පවා ආවරණය කිරීමටත් සැලසුම් කරන බව ඇය පවසයි.
ඇයගේ ආරක්‍ෂාව සඳහා ඇගේ මාපියෝ සහ සහෝදරයා ත්‍රිරෝද රථයකින් පිටුපසින් ගමන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart