
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට දින කිහිපයකට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල ජාතික වනෝද්‍යානය ආශ්රිත වෙරළ තීරයට අබිරහස් යාත්‍රාවක(Barge) කොටසක් ගොඩගසා ඇත.
ඉන්දුනීසියාවේ සෙම්බකුන්ග් හි ලියාපදිංචි කර ඇති ‘ඔලිම්පික්’ යනුවෙන් නම ප්‍රදර්ශනය කර ඇති මෙම යාත්‍රාව මීට දින කිහිපයකට පෙර වනෝද්‍යානයට යාබද ලුණු ලේවායක් අසල වෙරළට ගසාගෙන විත් ඇත.
විදේශීය ටග් යාත්‍රාවක් විසින් මෙම යාත්‍රාව වෙරළින් ඉවතට ඇදගෙන යෑමට උත්සාහ කළද, ඊට සම්බන්ධ කර තිබූ කඹය කැඩී යෑමත් සමඟ මෙලෙස යාත්‍රාව වෙරළට ගොඩගසා ඇති බව ප්‍රදේශයේ ධීවරයෝ පවසති.
හම්බන්තොට පොලිස් ස්ථානයෙන් ජනමාධ්‍ය විසින් කරන ලද කළ විමසීමකදී පවසා ඇත්තේ, මෙම යාත්‍රාව පිළිබඳව තමන් නොදන්නා බවයි.
ධීවරයන් පවසන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාව දින දෙකක් මේ වෙනුවෙන් වෙරළේ මුරකාවල් යොදවා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart