
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ සියලුම තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කිරීමට මියන්මාරයේ හමුදා පාලනය පියවර ගෙන තිබේ.
මේ වන විට මියන්මාරයේ ඇතැම් ප්‍රදේශවල පාලන බලය සඳහා සටන් කරන සන්නද්ධ කැරළිකාර හමුදා පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, වයස අවුරුදු 18ත් 28ත් අතර සියලුම තරුණ පිරිස්වලට වසර දෙකක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්යය වේ.
එම තීරණයට එකඟ නොවන පුද්ගලයන් සඳහා වසර 5ක සිර දඬුවමක් හිමි වනු ඇත.
2021 වසරේදී කුමන්ත්‍රණයක් හරහා මියන්මාර හමුදාව එරට පාලන බලය අල්ලා ගනු ලැබීය.
මේ වන විට රටේ ප්‍රදේශ රැසක ඊට එරෙහිව සටන් වදින සන්නද්ධ කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart