
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ මැන්ඩලේ නගරයේ ගුරුවරයකු ලෙස සේවය කළ 40 හැවිරිදි නිෂාන් විමලසූරිය, මාර්තු 28 වන දින ඇති වූ බලගතු භූමිකම්පාවෙන් දිවි ගලවාගැනීමට වාසනාවන්ත වූ අයගෙන් කෙනෙකි.
එය සිකුරාදා දිනයක් වූ අතර, සති අන්තය බලාපොරොත්තුවෙන් සිටි නිෂාන්, ඔහුගේ මහල් නිවාස සංකීර්ණය වන ‘ස්කයි විලා’ වෙත ආපසු පැමිණියේය. ඔහු D කොටසේ 10 වන මහලේ පදිංචිව සිටියේය.
“මම ආපසු පැමිණි විගස, මම ළඟම ඇති අවන්හලෙන් දිවා ආහාරය මිලදී ගත යුතු යැයි සිතුවා. ‘D’ කොටසේ සෝපානය භාවිතා කිරීම වෙනුවට මම සම්බන්ධක පාලම හරහා ගොස් ‘C’ කොටසේ සෝපානය භාවිතා කළා.” යැයි ඔහු සිහිපත් කරයි.
“මම බිම් මහලට පැමිණි අතර ගොඩනැගිල්ලෙන් එළියට බැස්ස විගස මට විශාල ශබ්දයක් ඇසුණු අතර මිනිසුන් දිවයන අයුරු දුටුවා. මම ඔවුන් සමඟ දිව්වා” නිෂාන් පවසයි.
ආපසු හැරී බලන විට, ඔහු ජීවත් වූ ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව ඔහු දුටුවේය.
“ඇත්ත වශයෙන්ම එය ආශ්චර්යමත් ගැලවීමක්. මාව බේරාගත්තේ දෙවියන් වහන්සේයි” නිෂාන් සඳහන් කරයි.
නිෂාන් දන්නා පුද්ගලයන් මෙන්ම නේවාසික සේවකයන් ද ඇතුළුව කිහිපදෙනෙකු සුන්බුන් අතර වැළලී සිටියහ.
පසුව, ගොඩනැගිල්ල කඩාවැටීමෙන්ව ගුරුවරුන් පස්දෙනෙකු ද මිය ගොස් ඇති බව අනාවරණය විය.
විපතට පත්වූවන් කිහිපදෙනෙකු සිටින බව ඔහුට වැටහුණු අතර, ඔහු ඉක්මණින්ම තම පාසලට ආපසු ගියේය. ඒ යන අතරමගදී භූමිකම්පාවෙන් සිදු වූ තවත් හානි ඔහුට දැකගත හැකිවිය.
පාසල ඔහුට සහ ඔහුගේ සගයන්ට හෝටලයක නවාතැන් පහසුකම් සැලසීය.
එහෙත් ඇති වූ හදිසි තත්ත්වය හමුවේ නිෂාන්ගේ විදේශ ගමන් බලපත්‍රය, සහතික සහ ලියකියවිලි නැති වී ගොස් තිබූ අතර ඔහුගේ ගමන් මලු විනාශ වී තිබිණි.
පසුව මහල් නිවාස සංකීර්ණය පිහිටි ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුට හානි වූ බෑගය සහ සමහර ලියකියවිලි සොයාගැනීමට හැකි වූ නමුත් විදේශ ගමන් බලපත්‍රය සොයාගැනීමට නොහැකි විය.
දින කිහිපයකට පසු, ඔහු නැවත නිවසට පැමිණීමේ බලාපොරොත්තුවෙන් තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික නිලධාරීන් සමඟ සම්බන්ධ වී යැන්ගොන් වෙත ගියේය.
තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය උදව් කළ බවත්, ඔහුගේ අවශ්‍යතා සපුරාලූ බවත්, සිය රටට ආපසු යාමට පෙර පසුගිය දින කිහිපය තුළ ඔහුව හෝටලයක නවාතැන් ගැන්වූ බවත්, ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධ කළ බවත් ඔහු පවසයි.
අප්‍රේල් 16 වැනි දින ඔහුට ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වන පරිදි සංචාරක ලියකියවිලි සකස් කිරීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උදව් කර ඇත.
කෙසේවෙතත්, ඔහු නැවත මෙරටට පැමිණ, නැතිවූ විදේශ ගමන් බලපත්‍රය වෙනුවට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ආගමන කාර්යාලයට ගිය විට, භූමිකම්පාවෙන් තම බඩු බාහිරාදිය අහිමි වූ බවට ඔහු කළ ඉල්ලීම නොසළකා හරින ලද අතර, නව විදේශ ගමන් බලපත්‍රය සඳහා ඔහුට රුපියල් 40,000 ක් ගෙවීමට සිදුවිය.(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart