
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා අභාවප්‍රප්තවූ සිය පියාට ශ්වසන පහසුකම් ලබාදීම වෙනුවෙන් සවිකර තිබුණේ තම පවුල විසින් පෞද්ගලිකව පරිත්‍යාග කළ ආධාරක යන්ත්‍රක් බව ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගේ බාල පුතු සජිත අනුත්තර අනාවරණය කළේය.
ජැක්සන් ඇන්තනි ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටි කාලයේදී, ඔහු සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් එල්ල කළ චෝදනාවලට සජිත මෙලෙස පිළිතුරු ලබාදෙනු ලැබුවේ, ජැක්සන් ඇන්තනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණු අවස්ථාවේ අවමංගල සභාව අමතමින් සිදුකළ කතාවේදීය.
සිය පවුල විසින් පරිත්‍යාග කළ එම යන්ත්‍රයෙන් තවත් වසර ගණනාවක් රෝගීන් රැසකගේ ජිවිත රැකගත හැකිවනු ඇති බවද සජිත එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart