March 7, 2024

විදුලිය නැවත සම්බන්ධ කිරීමේ ගාස්තුව රුපියල් 800 දක්වා පහත දමා ඇති බව විෂය භාර ඇමැති කංචන විජේසේකර පැවැසුවද, තමා මීට මාස දෙකකට පෙර විදුලි සම්බන්ධතාව නැවත ලබාගැනීම සඳහා රුපියල් 3000ක මුදලක් ගෙවූ බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සී. මුතුකුමාරණ අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මුතුකුමාරණ මන්ත්‍රීවරයා කියාසිටියේ ඇමැති කංචන විජේසේකර, විදුලිය නැවත සම්බන්ධතා ගාස්තුව වූ රු. 3,000 පසුගිය වසරේ රුපියල් 1,300ක් දක්වාද, මෑතකදී රු. 800 දක්වාද අඩුකළ බව ප්‍රකාශ කළද, එම සංශෝධන ක්‍රියාත්මක නොවන බවයි.

“ඇමතිතුමනි, ඔබ කියූ නැවත සම්බන්ධතා ගාස්තුව වැරදියි. මමත් මීට මාස දෙකකට කලින් රුපියල් 3000ක් ගෙව්වා. මේ ගැන සොයා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා,” මුතුකුමාරණ මන්ත්‍රීවරයා පැවැසීය.