
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවන්ගේ අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන Grok කෘත්‍රීම බුද්ධි මෙවලම වෙත පිවිසීම මැලේසියාව සහ ඉන්දුනීසියාව විසින් අවහිර කර ඇත.
එලෝන් මස්ක්ගේ X වේදිකාවේ මෙවලමක් වන ග්රෝක්, පරිශීලකයන්ට ඡායාරූප නිර්මාණය කිරීමට ඉඩ සලසයි.
කෙසේවෙතත්, මෑතකදී සැබෑ පුද්ගලයන්ගේ රූප සංස්කරණය කිරීමට සහ ඒවා ආශ්‍රිතව අඩනිරුවත් ඡායාරූප නිර්මාණය පෙන්වීමට එය භාවිත කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් පැවතිණි.
කාන්තාවන් සහ ළමුන් සම්බන්ධ අසභ්‍ය සහ එකඟතාවයකින් තොරව ඡායාරූප නිර්මාණය කිරීමට ග්රෝක් භාවිත කළ හැකි බවට මැලේසියාව සහ ඉන්දුනීසියාව චෝදනා කර ඇති අතර, මෙම AI මෙවලම තහනම් කළ ලොව පළමුරටවල් ඔවුන් වේ.
එල්ල වන විරෝධතා සහ චෝදනා පිළිබඳ අදහස් දක්වමින් මස්ක් මීට පෙර පවසා තිබුණේ, විවේචකයන් වාරණය සඳහා හේතු ලෙස දැක්වීමට ඕනෑම නිදහසට කරුණක් ඉදිරිපත් කරන බවයි.
අන්තර්ජාල ආරක්ෂණ නීති අනුගමනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් Grok කෘත්‍රිම බුද්ධි සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර කරන ලෙස කරන ලද ඉල්ලීම්වලට තාක්ෂණ ලේකම් ලිස් කෙන්ඩල් සහාය දැක්වීමෙන් පසුව, ග්රෝක් සහ එහි මව් සමාගම වන X ද බ්‍රිතාන්‍යය තුළ ද පීඩනයට මුහුණ දී සිටියි.
මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ සන්නිවේදන අමාත්‍යාංශ සති අන්තයේ විශේෂ ප්‍රකාශ නිකුත් කරමින් Grok ට එරෙහිව ඔවුන්ගේ පියවර නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart